තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙටින් ඇරඹෙයි
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (30) ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
තැපැල් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා තැපැල් ජන්දදායකයින් 738050 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි ද කොමිෂන් සභාව සදහන් කරයි.
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට, නොවැම්බර් 01 වැනිදා...
ලබන ජනවාරි සිට වැටුප් වැඩි කරනවා
ලබන වසරේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමන බවත්, හිඟ රුපියල් 5,000 දීමනාව ලබන ජනවාරි මස ලබා දෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඔහු කියා සිටියේ චක්‍ර ලේඛයේ සඳහන් පරිදි අදාළ වැටුප් වැඩි කිරීම් සිදු කරන බවයි.
හිටපු ජනාධිපති...
කිසිදු රටකින් අපි ණය අරන් නෑ
වත්මන් ආණ්ඩුව පත් වු පසු කිසිදු රටකින් ණය හෝ අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදු නොවු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ...
කොමිසමෙන් හෝටල්වල පැවැත්වෙන දේශපාලන සංග්‍රහ කටයුතුවලට තහංචි
පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මෙහොතක අපේක්ෂකයන් විසින් ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ කටයුතු කිරීම මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මේ හේතුවෙන් ඊට අදාළ පහසුකම් ලබාදෙන ස්ථාන සහ හෝටල් හිමිකරුවන්ට ද නීතිමය පියවර ගැනීමට මැතිවරණ පනත...
පක්ෂ නියෝජිතයෙකුගේ වගාවකින් පාරක් වහලා
දේශපාලන පක්ෂයක නියෝජිතයෙකුගේ මැදිහත් වී පොල් වගා කිරීම නිසා පොදු මාර්ගයක් සහ පොදු ළිඳක් අව්හිර වී ඇතයි වාර්තා වනවා.
දිඹුලාගල, දිවුල්දමන ගම්වාසීන් අවුරුදු 40කට ආසන්න කාලයක් භාවිත කළ මාර්ගයක් හරස් කොට මෙසේ පොල් වගා කර ඇති බවට ගම්වාසීන් චෝදනා කරනවා.
මේ...
හිටපු ජනාධිපතිවරයා ජනතාව හිතාමතාම රැවැට්ටුවා
හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට දිනයට පෙර රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව ප්‍රකාශ කිරීමෙන් ගම්‍ය වන්නේම ජනතාව රැවට්ටිමක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය පවසනවා.
ඇය මේ බව පැවසුවේ ඊයේ (27) කොස්ගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් පල කරමින්.
එහිදී ඇය කියා සිටියේ ජනතාව...
පෙරටුගාමීන්ගෙන් ජනපතිට ලිපියක්
රට දිගුකාලීන අසාර්ථක රාජ්‍යයක අද්දර පවත්වාගෙන යාමේ එක්සත් ජනපද උපායමාර්ගයට අනුව පැහැදිලි ලෙසම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කටයුතු කරන බවත්, පසුගිය ජනාධිපතිවරණ සමය තුළත් ඔවුන් ඉතාම තදින් අවධාරණය කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය උගුලක් බැවින් එයින් ඉවත් විය යුතු...
විමල්ට උණ නිසා නඩුව කල් යයි
2016 පෙබරවාරි මස 06 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය පළ කරමින් කිසිදු දැනුම්දීමකින් තොරව එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කිරීම ඇතුළු චෝදනා යටතේ විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6...
උදය ගම්මන්පිලගේ දෙවන හෙළිදරව්ව අද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි ඉමාම් වාර්තාව අද (28) පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රකාශයට පත්කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.
ඒ අනුව අද උදෑසන 10ට පිටකෝට්ටේ පිහිටි එම...
ජනාධිපති අනුරට පලපුරුද්ද නොමැති බව නිමල් ලාන්සා කියයි
ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවර බවත් පුරුද්ද, පලපුරුද්ද මේ අයට නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හමුවක් පැවති අවස්ථාවකදීය.
එහිදී හිටපු පාර්ලිමේන්තු...














