එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (30) ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා තැපැල් ජන්දදායකයින් 738050 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි ද කොමිෂන් සභාව සදහන් කරයි.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට, නොවැම්බර් 01 වැනිදා සහ 04 වැනිදා යන දිනවලදී සිදු කිරීමට නියමිතයි.

එම දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය නිලධාරීන්ට නොවැම්බර් මස 7 හා 8 දෙදින තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඒ සඳහා අවස්ථාව සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියා.

නොවැම්බර් 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 8,821 දෙනෙකු තරග වදිනවා.

මේ අතර ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින්ගේ වම් අතෙහි සුළැඟිල්ල සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී වම් අතෙහි මහපටැඟිල්ල සලකුණු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයේදී සලකුණු කෙරෙන්නේ වම් අතෙහි දබරැඟිල්ලයි.

source :- https://tinyurl.com/yd3nsyzr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here