ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්මානයට පාත්‍රවන 68 වැනි FIFA බ්ලැන්ඩි ඕර් සම්මාන රාත්‍රිය ප්‍රංශයේ පැරිස් නුවරදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත් වුණා.

මෙහිදි මෙම වසරේ ජාත්‍යන්තර මෙන්ම ක්‍රීඩා සමාජ පාපන්දු පිටියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක් වූ දස්කම් ඇගයීමට ලක් කරමින් සම්මාන පිරිනැමීමට කටයුතු
කළා.

ඒ අනුව වසරේ නැඟී එන පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගන්නට ස්පාඤ්ඤයේ 17 හැවිරිදි ලැමයින් යමල් සමත් වුණා.

වසරේ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය අඛණ්ඩව දෙවැනිවරටත් දිනා ගත්තේ ස්පාඤ්ඤයේ අයිටානා බොන්මති.

මෙහිදී වසරේ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයාට හිමි බ්ලැන්ඩි ඕර් සම්මානය ස්පාඤ්ඤ මෙන්ම එංගලන්තයේ මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය නියෝජනය කරන රොඩ්‍රි දිනා ගන්නට සමත් වීමත් කැපී පෙනුණා.

ඒ බ්‍රසීල පාපන්දු ක්‍රීඩක මෙන්ම ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරන විනිසියස් ජූනියර් අභිබවා යමින්.

රොඩ්‍රි බ්ලැන්ඩි ඕර් සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙය වන අතර මෙහිදී විනිසියස් ජූනියර්ට මෙම සම්මානය හිමි නොවීමට විරෝධය පළකරමින් ඔහු
නියෝජනය කරන රියාල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය සහ එහි ක්‍රීඩකයින් මෙවර සම්මාන උළෙල වර්ජනය කිරීමත් සුවිශේෂී සිදුවීමක් වනවා.

එමෙන්ම 8 වරක් බ්ලැන්ඩි ඕර් සම්මානය දිනූ ලියොනල් මෙසී සහ පස්වරක් මෙම සම්මානය දිනූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙවර විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාගේ සම්මානය සඳහා වසර 21කට පසු නිර්දේශ නොවීමත් කැපී පෙනෙනවා.

source :- https://tinyurl.com/2k7cnvke

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here