ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන වර්තමාන සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය ඇතුළත වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (28) අතුරුගිරිය පැවැති ජනරැළියක් අමතමින්.

එහිදී ඔහු කියා සිටියේ රත්නපුරේදී සෙනසුරාදා අනුර දිසානායක ජනාධිපති කිව්වේ මේ වන විටත් ආර්ථික උපදේශක ඇතුළු මුදල් අමාත්‍යංශය නියෝජනය කරන නිලධාරීන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බවයි.

ඒ අනුව යහපත් අයවැයක් සකස් කර දීම සඳහා ඔවුන් ඉදිරිපත් කළ යෝජනා ගැන කතා කරන බව රනිල් වික්‍රමසිංහ මෙහිදී කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් පල කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ “ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් නොවූ බවත් ඊළඟ අයවැයෙන් පසුව එම සාකච්ඡා අවසන් වන බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා. මේක හරි කතාවක් නේ. වැඩකටයුතු ඔක්කොම හරි කියා අනුර කිව්වා. දැන් හැම එකක්ම මගේ පිට දාන්න හදනවා.මම කෝටි හතරක කජු කකා හිටපු බව කියනවා. එහෙම නම් මට වෙන වැඩ කරන්න වෙන්නේ නැහැ. මේ ගැන ජනාධිපති වහාම රටට කියන්න. මා ජනාධිපති ලෙස මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළා නම් වෙනත් වැදගත් තීරණයක් ගත්තා නම් පාර්ලිමේන්තුවට හෝ ජනතාවට පවසනවා. මේ වන තෙක් ජනපති කිසිම දෙයක් ප්‍රකාශ කර නැහැ. එම නිසා මූල්‍ය අරමුදලේ දූත පිරිස පැමිණි පසුව සාකච්ඡා කොට එම සාකච්ඡාවල සැබෑ තත්ත්වය පිළිබඳව ඉදිරි දින කිහිපය ඇතුළත රටට පැවසීමට ජනපතිට යුතුකමක් තිබෙනවා. මේක හංගගෙන ඉන්න එපා. අප කියන සංඛ්‍යාලේඛන වැරදි නම් ඒවා නිවැරදි කරන්න.මේ කරුණු රටට හංගන්න එපා යැයි ” හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියා.

source :- https://tinyurl.com/bdwfa586

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here