වත්මන් ආණ්ඩුව පත් වු පසු කිසිදු රටකින් ණය හෝ අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදු නොවු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදු කිරීමට අවසර නොමැති බවයි.

එමෙන්ම නව ජනාධිපතිවරයා අත්සනින් මුදල් නෝට්ටුවක් දැකීමට කැමැත්තක් ඇති බව ඔහු කියා සිටියා.

එවැනි මුදල් අච්චු ගැසීමක් සිදු වුයේනම් එය ජනතාවට දකින්නට ලැබෙනු ඇති බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

source :- https://tinyurl.com/25b9kyyt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here