ඔස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරුවෙකු සහ කඩුලු රකින්නෙකුවන මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, වසර 13ක ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමුදෙන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මැතිව් වේඩ් සඳහන් කරන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නද බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන බවයි.

36 හැවිරිදි ඔහු, සිය රට වෙනුවෙන් ටෙස්ට් තරග 36ක් සහ සීමිත ඕවර තරග 189ක් ක්‍රීඩා කර තිබෙනවා.

එමෙන්ම ඔහු T20 ලෝක කුසලාන තුනකට තරග කර ඇති අතර, 2021 වසරේ ඔස්ට්‍රේලියාව 20 -20 ලෝක ශූරයන් බවට පත්වූ අවස්ථාවේදී එම කණ්ඩායමේ උප නායකයා ලෙසයි ඔහු කටයුතු කළේ.

එහිදී ඔහු එම තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දක්වා ඇති අතර, ඔහු පන්දු 17 දී ලකුණු 41ක් රැස් කර තිබෙනවා.

මේ අතර, ඔහු ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියා පකිස්ථාන තරගවලියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස එක්වීමට නියමිත බවයි වාර්තා සඳහන් කරන්නේ.

source :- https://tinyurl.com/293rcus4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here