පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මෙහොතක අපේක්ෂකයන් විසින් ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ කටයුතු කිරීම මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ හේතුවෙන් ඊට අදාළ පහසුකම් ලබාදෙන ස්ථාන සහ හෝටල් හිමිකරුවන්ට ද නීතිමය පියවර ගැනීමට මැතිවරණ පනත යටතේ හැකියාව පවතින බවයි එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ.

පසුගිය දිනවල මහනුවර ඇතුළු ප්‍රද්ශ රැසකින් අපේක්ෂකයන් විසින් ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මැතිවරණ කොමිසම වෙත ලැබී තිබුණා.

එම පැමිණිලි වලට අනුව ඇතැම් ස්ථාන වටලා අදාල සාද නතර කිරීමට පියවර ගත් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ.

source :- https://tinyurl.com/ys8hmbcd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here