
දුම්රිය ස්ථානාධිපතිවරුන් බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසදුම් ලබා නොදුනහොත් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ තම ගැටලුවට විසදුම් ලබාදීම සදහා රජයට පැය 48 ක කාලයක් ලබාදී ඇති බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන ගැටළු හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් දිගින් දිගටම පිඩාවට පත් වන බව ඔහු කියා සිටියා.

source :- https://tinyurl.com/28ps683n







