එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය ඊශ්‍රායලය තුළත් ඔවුන් විසින් අත්පත් කරගනු ලැබ සිටින නැගෙනහිර ජෙරුසලම ප්‍රදේශයේත් ක්‍රියාත්මක වීම තහනම් කිරීමට ඊශ්‍රායලය රජය තීරණය කර තිබෙනවා.

ඒ, එම තහනමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමෙන් පසුවයි. එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය තහනම් කිරීමට අදාල නීති සම්පාදය මාස තුනක් ඇතුළත සිදු කිරීමට ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් නෙසට් සභාව තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊශ්‍රායලය දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියට චෝදනා කළේ ඔවුන් පලස්තීන වැසියන්ට ආධාර ලබා දීමේ මුවාවෙන්න හමාස් වැනි ඉස්ලාමීය සටන්කාමීන්ට අනුග්‍රහය දක්වන බවටයි. මෙම තතත්ත්වය හමුවේ ගාසා තීරයේ ආධාර අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇති බව විදෙස් විචාරකයින් පෙන්වා දෙනවා.

source :- https://tinyurl.com/2s4h9fz7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here