ක්ලීන් ශ්‍රී ලංකා ගැන පැහැදිලි කරන ලෙස බස් සංගම් ඉල්ලයි
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සිදුකෙරෙන බස් රථ පරික්ෂාව හේතුවෙන් සිය කර්මාන්තය ගැටලු රැසකට මුහුණපා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබාගැනීම සඳහා බස් සංගම් නියෝජිතයින් පොලිස්පතිවරයා හමුවීමට තීරණය කර තිබෙනවා.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කර...
ක්ලීන් ශ්‍රී ලංකා යටතේ විශේෂ රථවාහන ව්‍යාපෘති
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ රථ වාහන මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරනවා.
මෙම මෙහෙයුම යටතේ මාර්ගයේ ධාවනය වන අනෙකුත් වාහනවලට, අවහිරතාවයක් වන ආකාරයට අධික ආලෝකයක් නිකුත් කරන පහන් සවි කර...
අධ්‍යාපන ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබඳ අගමැතිගේ අවධානය
මෙරට පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ, අධ්‍යාපන අමාත්‍යංශයේදී බලධාරීන් සමග පසුගිය දා පැවති සාකච්ඡාවකදීයි.
මෙහිදී පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව නගා සිටුවීම මෙන්ම මෙරට ද්විතීයක...
ජනමාධ්‍ය නිදහස මර්දන උත්සහයක
ජාතික පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් පදනම් කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පෙරේදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වනවිට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.
අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඊයේ නිවේදනයක් නිකුත් කර තිබුණා.
එහි දැක්වෙන්නේ ජාතික පුවත්පතක...
පොලිස්පති හමුවට ගිය ප්‍රයිවට් බස් හිමියෝ
බස් රථ සඳහා සිදු කරන මෙහෙයුම්වල පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන සතියේ දී වැඩබලන පොලිස්පතිවරයා හමුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ වනතුරු පෞද්ගලික බස් හිමියන් ලබන සතියේ සිදු කිරීමට සැළසුම් කර තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවන බවයි...
මනූෂ සම්බන්දයෙන් ඉදිරියේ දී විමර්ශන
විදේශ රැකියා ලබා දීමෙදී සිදු කර ඇති මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගෙන් ද ඉදිරියේ දී ප්‍රකාශයක් ලබා ගැනීමට සිදුවන බව විමර්ශන කණ්ඩායම් පවසනවා.
ඉදිරි විමර්ශනවලදී අනාවරණ වන තොරතුරු මත පදනම්ව අදාළ ප්‍රකාශය ලබා...
අත්අඩංගුවට ගත් පොහොට්ටුවේ හිටපු ප්‍රා. සභා මන්ත්‍රීට ඇප
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චිට අපහාසාත්මකවන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...
විමල් වීරවංශ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
බැසිල් රාජපක්ෂ ගැන තමන් කළ ප්‍රකාශයක් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබාදීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල නීතීඥ වරයෙකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටි අතර, විමල් වීරවංශ...
පාර්ශව රැසක් විරෝධය පල කළ නලින්දගේ කතාව
රුහුණු කතරගම මහා දේවාලයේ ධන පරිත්‍යාගයෙන් ඉදිකෙරුණු මහරගම අපේක්ෂා රෝහලේ ඇට මිදුලු බද්ධ කිරීමේ ළමා ඒකකය විවෘත කිරීමේ උත්සවයේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පළකළ අදහස් සම්බන්ධයෙන් සමාජය තුළ මතභේදයක් උද්ගත වී තිබෙනවා.
පාර්ශව රැසක් පෙන්වා දෙන්නේ, අර්බුද රැසකට මුහුණ පා...
තලතා අතුකෝරල එජාප මහලේකම් ධුරයට
එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ පත්කර තිබෙනවා.
ඇයව මෙම ධුරය සඳහා පත්කර ඇත්තේ, හිටපු ජනාධිපති, එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් බවයි එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසන්නේ.
එමෙන්ම මෙම ධුරය මීට පෙර හෙබවූයේ හිටපු පාර්ලිමේන්තු...














