Saturday, April 18, 2026

දේශපාලන පුවත්

ඉදිරියේදී වී මිලට වෙන දේ

වෙළෙඳපොළේ වී මිල අඩු වීමට ආරම්භ වූ අවස්ථවේදීම වී සඳහා සහතික මිලක් නියම කිරීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි...

සරත් ෆොන්සේකා බෝම්බ ප්‍රහාරයේ නඩුව යළි හෙට විභාගයට

කොළඹ යුද හමුදා මූලස්ථානය තුළදී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ "දුර්ගා" නැමති මරාගෙන මැරෙන බෝම්බකරියට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා ලබා සිටින කොටි සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහිව චෝදනා 230ක් යටතේ නීතිපතිවරයා විසින් ඉදිරිපත්...

සුදත්ත තිලකසිරිගේ පෙත්සමට දිනදෙයි

අධිකරණයට අපහාස කළේ යැයි යූ ටියුබ් මාධ්‍යවේදියෙකු වන සුදත්ත තිලකසිරිට එරෙහිව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ගොනු කර තිබෙන පෙත්සමක් පෙබරවාරි මස 07 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ කේ.එම්....

කාරක සභා කිහිපයකට නව සභාපතිවරුන්

පාර්ලිමේන්තුවේ කාරක සභා කිහිපයක් සඳහා පසුගියදා නව සභාපතිවරුන් පත් කෙරුණා. ඒ අනුව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට, ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට සහ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයටයි මෙසේ පත් කිරීම්...

සිසුන් සඳහා ශිෂ්‍යත්ව 200ක් ඉන්දියාවෙන් පිරිනමයි

ඉන්දියාව විසින් මෙරට සිසුන් සඳහා පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 200ක් ප්‍රධානය කිරීමට නියමිතව තිබෙනවා. මෙම ශිෂ්‍යත්ව වෛද්‍ය, විලාසිතා නිර්මාණය සහ නීති පාඨමාලා හැර වෙනත් විෂයන් බොහෝමයක් සඳහා ඉන්දියානු ආයතන සහ විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සඳහා පිරිනමනු ලබනවා. මෙම ශිෂ්‍යත්ව 2025-2026 අධ්‍යයන වර්ෂ...

හිටපු ජනපති හමුවූ මන්ත්‍රීවරුන්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි. එම සාකච්ඡාවට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ට අමතරව පසුගිය ජනාධිපතිවරණයේදී සිලින්ඩරය යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත...

පියංකර ජයරත්නට අල්ලස් කොමිසමෙන් නඩු

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු තුනක් පවරා තිබෙනවා. එම කොමිසම සඳහන් කළේ පසුගිය 08 වනදා කොළඹ මහාධිකරණයේ දී ඊට අදාළ නඩු පැවරීම සිදුකළ බවයි. ඒ අනුව සිවිල් ගුවන් සේවා...

කොළඹ සැමරූ ඉන්දීය ජනරජ දිනය

ඉන්දියාවේ 76 වැනි ජනරජ දිනයට සමගාමීව විශේෂ සැමරුම් උත්සවයක් මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී ඊයේ (26) පැවැත්වුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට හිටපු ජානාධිපතිවරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද එක්ව සිටියා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය...

ඩිජිටල් හැඳුනුම්පතට රටපුරා මධ්‍යස්ථාන 2,300ක්

ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. එමෙන්ම ඩිජිටල් හැඳුනුම්පත් නිර්මාණය කිරීම සඳහා ඉන්දියාව රුපියල් කෝටි 1,000ක ආධාරයක් ලබා දීමට එකඟ වූ බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. තඹුත්තේගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි...

මාලිමාව අන්ත පරාජයකට පත් වූ සමූපකාර නිලවරණය

මිල්ලනිය සී/ස මුංවත්ත බටහිර විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් හිටපු සභාපතිගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. මිල්ලනිය ප්‍රධාන බැංකු ශාඛාව ඇතුළු ශාඛා 11ක සාමාජිකයන් 11175 ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබූ අතර 4000කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කරනු...
statistics