පොඩි ලැසී ගේ මාමා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මදුසංක නොහොත් පොඩි ලැසී ගේ මාමා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලද්දු මුදිත පරාක්‍රම ජයසිංහ නැමැති අයෙක්.
ඔහු විදෙස් රටක සැඟව සිටින බවට ඒත්තු ගන්වමින්...
විමල්ගේ නඩුවක සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වනදාට කල් යයි
2016 වසරේ එක්සත් ජාතීන්ගේ එවක මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල මාර්ග අවහිර කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය...
ඉන්දියාවෙන් ගෙන්වූ තවත් ප්‍රතිදේහ එන්නත් තොගයක්
තත්ත්වයෙන් බාල ප්‍රතිදේහ එන්නත් නැවත වරක් මෙරටට ආනයනය කර ඇති බවට සඳහන් කරමින් සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස්...
දිවයිනේ ප්‍රදේශ තුනකදී යතුරුපැදි අනතුරුවලින් තිදෙනෙක් ජීවිතක්ෂයට
දිවයිනේ ප්‍රදේශ තුනකදී සිදුවූ යතුරුපැදි අනතුරුවලින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.
මහදෙණිය, පලාලි සහ ඉබ්බාගමුව යන ප්‍රදේශවලදී සිදුවූ මෙම අනතුරුවලින් තවත් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව සඳහන්.
මීගොඩ - කොළඹ පාදුක්ක 125 මාර්ගයේ මහදෙණිය ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් එක් පුද්ගලයෙකු...
පිරිමි පුද්ගලයෙක් මාතර නගරයේදී ගඟට පනී
අද (30) උදෑසන මාතර නගරයේ මහානාම පාලමෙන් පුද්ගලයෙන් ගඟට පැන ඇති බව මාතර පොලිසිය පවසනවා.
හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ, එලෙස ගඟට පැන්න පුද්ගලයා යුද හමුදාව විසින් මහත් පරිශ්‍රමයකින් අනතුරුව බේරාගෙන රෝහල්ගත කළ බවයි.
මෙසේ ගඟට පැන ඇත්තේ පිරිමි...
2023 – 2024 තක්සේරු වර්ෂයේ ආදායම් බදු ගෙවීමට දුන් කාලය අවසන්
2023 - 2024 තක්සේරු වර්ෂයේ ආදායම් බදු ගෙවා අවසන් කිරීමට ලබාදී ඇති කාලසීමාව අදින් අවසන් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.
සියලු ආදායම් බදු ගෙවා අවසන් කිරීමට පසුගිය සිකුරාදා සිට අද දක්වා අවස්ථාව ලබාදී ඇති අතර, එම නියෝග කඩකරන...
ආහාරවලට පාලන මිලක් ඉල්ලයි
බේකරි ඇතුලු ආපනශාලා ආහාරවලට මිල පාලනයක් ගෙන ආ යුතු බව පාරිභෝගිකයින් පවසනවා.
බිත්තර මිල පහල යාමත් සමඟ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදනවල මිල අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පියවර ගනු ලැබුවා.
ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල්...
බඳින තුවක්කුවක් පත්තු වෙයි
බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට බරපතළ තුවාල සිදු වූ අයෙකු රෝහල්ගත කල බව කොටදෙණියාව පොලිසිය පවසනවා.
මෙලෙස තුවාල සිදුවී ඇත්තේ වල්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, ඔහුව ප්‍රථිකාර සඳහා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, මෙම...
ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නැයි උද්ඝෝෂණයක්
පසුගියදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඇති වු ගැටළු සහගත තත්ත්වය හමුවේ අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ගත් තීරණයට එරෙහිව දෙමාපියන් විසින් මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.
එම උද්ඝෝෂණය සිදු කරන දෙමාපියන්...
විදේශීය නිෂ්පාදිත දුම්වැටි ගෙන ආ කතක් කොටු
රුපියල් ලක්ෂ 50කට අධික විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටි කාන්තාවක් අද (30) අලුයම අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සමත් වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව ජා - ඇළ ප්‍රදේශයේ...














