
දිවයිනේ ප්‍රදේශ තුනකදී සිදුවූ යතුරුපැදි අනතුරුවලින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.
මහදෙණිය, පලාලි සහ ඉබ්බාගමුව යන ප්‍රදේශවලදී සිදුවූ මෙම අනතුරුවලින් තවත් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව සඳහන්.
මීගොඩ – කොළඹ පාදුක්ක 125 මාර්ගයේ මහදෙණිය ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබුණා.

ඔහු 30 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එමෙන්ම, පලාලි-පේදුරුතුඩුව කන්කසන්තුරය මාර්ගයේ 36 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් 18 හැවිරිදි පලාලි ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මියගියා.
කුඹුක්ගැටේ – ඉබ්බාගමුව මඩගල්ල මාර්ගයේ 05 වන කිලෝමීටර් කණුව අසලදී ද බස්රථයක යතුරුපැදියක් ගැටීමෙන් 38 හැවිරිදි ඉහළගම, කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සඳහන් කළේ.
source :- https://tinyurl.com/2z7rjn98







