Tuesday, May 5, 2026

දේශීය පුවත්

සියලුම විශ්‍රාමිකයන්ට ලබන සතියේ සිට රුපියල් 3,000ක දීමනාවක්

සියලුම විශ්‍රාමිකයන්ට ලබන සතියේ සිට රුපියල් 3,000ක මාසික අතුරු දීමනාවක් ලබා දීමට ජනපති අනුර දිසානායක විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව, ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුප දැනටමත් විශ්‍රාමිකයන්ගේ ගිණුම වෙත යවා ඇති බැවින්, ඔක්තෝබර් මාසය සඳහා වන රුපියල් 3000ක...

ශ්‍රී ලාංකික සෙබළු දෙදෙනෙකුට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් තුවාල

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා. මෙසේ තුවාල ලබා ඇත්තේ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරත ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකු බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ. source :- https://tinyurl.com/56ftv3nt

කෝටි ගණනින් වංචා කළ පොහොර සමාගම්

ගොවි ජනතාවට අඩු මිලට ලබාදීම සඳහා වසර 6කට පෙර ආනයනය කළ පොහොර තොගයක් හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබාදී රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කර රජයට පාඩු කළැයි කියන මෙරට පොහොර සමාගම් 5ක හා තැරැව්කාර සමාගම් 8ක සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා...

නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබෙනවා. එම තනතුරේ මේ දක්වා කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එම්.ඒ. ආර්. ප්‍රේමරත්න පත් කර ඇත්තේ, බස්නාහිර පළාතේ උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා...

පාඨලීට එරෙහි නඩුව කල්‍ යයි

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකර සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂි නිර්මාණය කිරිම ඇතුළු චෝදනා කරමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 18 වනදා දක්වා කල්...

ලෝක බිත්තර දිනය අදට යෙදී තිබෙ

ලෝක බිත්තර දිනය අදට (11) යෙදී තිබෙනවා. 1996 වසරේදී වියානා නුවරදී පැවැති ජාත්‍යන්තර බිත්තර සමුළුවේදී (International Egg Conference) බිත්තර සඳහා ජාත්‍යන්තර දිනයක් වෙන් කළ යුතුයැයි තීරණය කෙරුණා. ඒ අනුව සෑම වසරකම ඔක්තෝම්බර් දෙවන සිකුරාදා ලෝක බිත්තර දිනය සමරනු ලබනවා. ලෝක බිත්තර දිනය...

හදිසියේම ගුවන් යානයක් ගොඩ බස්වයි

කටුනායක ගුවන්තොටුපොළෙන් සෞදි අරාබියේ රියාද් නුවර බලා ඊයේ (10) පස්වරුවේ පිටත්ව ගිය ශ්‍රීලංකන් ගුවන් යානයක් හදිසියේම ගොඩ බස්සවා තිබෙනවා. අදාළ යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස ගොඩ බැස්සවූ බවයි සඳහන් වන්නේ. UL- 265 දරණ යානය ගමන ආරම්භ කර පැය 01...

බස් රථ දෙකක් ගැටී බිහිසුණු අනතුරක්

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද වලකඩයාව ප්‍රදේශයේදී අද (11) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා. ලංගම බස් රථ 2ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ. මෙම අනතුර හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ...

නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායකගේ සිරුර නානකාමරයෙන් හමු වෙයි

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මියයන විට 76 වැනි වියේ පසු වුණා. ඊයේ රාත්‍රියේ ඔහු මිය ගොස් ඇති අතර ඔහුගේ සිරුර සිය නිවසේ නාන කාමරය තුළ තිබී සොයා ගෙන තිබෙනවා. ඔහු එම නිවසේ...

මිදුම් තත්ත්වයක් පිළිබඳව නිවේදනයක්

වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල සිට නානුඔය දක්වා ඝන මිදුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙසයි හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (11) අලුයම...
statistics