
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබෙනවා.
එම තනතුරේ මේ දක්වා කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එම්.ඒ. ආර්. ප්‍රේමරත්න පත් කර ඇත්තේ, බස්නාහිර පළාතේ උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.
එමෙන්ම, පොලිස් මූලස්ථානයේ රාජකාරියේ නිරතව සිටි කාන්තා නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංහආරච්චි ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව සදහා පත් කිරීමට පොලිස් කොමිසම අනුමැතිය ලබා දී ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

source :- https://tinyurl.com/3x44s59z







