ලෝක බිත්තර දිනය අදට (11) යෙදී තිබෙනවා.

1996 වසරේදී වියානා නුවරදී පැවැති ජාත්‍යන්තර බිත්තර සමුළුවේදී (International Egg Conference) බිත්තර සඳහා ජාත්‍යන්තර දිනයක් වෙන් කළ යුතුයැයි තීරණය කෙරුණා.

ඒ අනුව සෑම වසරකම ඔක්තෝම්බර් දෙවන සිකුරාදා ලෝක බිත්තර දිනය සමරනු ලබනවා.

ලෝක බිත්තර දිනය යනු මිල අඩු සහ ඉහළ පෝෂ්‍යදායී ආහාර ප්‍රභවයක් ලෙස බිත්තරවල ඇදහිය නොහැකි ප්‍රතිලාභ පිළිබඳව ගෝලීය දැනුවත් කිරීම සඳහා උද්යෝගිමත් අවස්ථාවක් වන අතර එය ලෝකය පෝෂණය කිරීමට උපකාරී වෙනවා.

පසුගිය වසරේ ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක් සමාජ මාධ්‍ය ඔස්සේ ලෝක බිත්තර දිනය සමරීමත් විශේෂත්වයක්.

මෙම විශේෂ දිනය සනිටුහන් කිරීම සඳහා තරග, ඩිජිටල් ප්‍රචාරණ සහ උත්සව පැවැත්වීමටද කටයුතු කර තිබෙනවා.

source :- https://tinyurl.com/2tdez6je

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here