2024 මහමැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම අද (11) මධ්‍යහ්න 12:00ට අවසන් වු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව සඳහන් කළේ විරෝධතා කාලයෙන් අනතුරුව ස්වාධීන කණ්ඩායම් සදහා වන ලකුණු සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ ප්‍රකාශයට පත් කරන බවයි.

නාම යෝජනා භාරදී අවසන් වූ පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාල අසළ පෙළපාලි පැවැත්වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

මේ අතර මෙවර මැතිවරණයට ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නාම යෝජනා භාරදීමද සිදු කළා.

source :- https://tinyurl.com/3e25kpkb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here