කටුනායක ගුවන්තොටුපොළෙන් සෞදි අරාබියේ රියාද් නුවර බලා ඊයේ (10) පස්වරුවේ පිටත්ව ගිය ශ්‍රීලංකන් ගුවන් යානයක් හදිසියේම ගොඩ බස්සවා තිබෙනවා.

අදාළ යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස ගොඩ බැස්සවූ බවයි සඳහන් වන්නේ.

UL- 265 දරණ යානය ගමන ආරම්භ කර පැය 01 විනාඩි 35කින් පසු මෙම ගොඩ බැස්සවීම සිදුකර ඇති බවටයි වාර්තා වෙන්නේ.

එම අවස්ථාවේ අදාළ යානය තුළ මගීන් 215 දෙනෙකු පමණ සිට තිබෙනවා.

source :- https://tinyurl.com/ynbzjptm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here