ජනපති අපේක්ෂකයින් උදව් නොගත යුතු සමාගම්, ආයතන හා පුද්ගලයින් පිළිබඳව මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මෙවර ජනාධිපතිවරණයේ දී ප්රචාරක කටයුතු සඳහා සෘජුව හෝ වක්‍රව මූල්‍යමය හෝ වෙනත් ආකාරයේ දායකත්වයන් ලබා ගත නොයුතු සමාගම්, ආයතන හා තැනැත්තන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර සිටී.
2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන...
ජනපති ලේකම් කාර්යාලය ONE STOP SHOP’ එකක් කිරීමට සැරසෙන සජිත් ප්‍රේමදාස
සිය පාලනයක් තුළ ජනාධිපති ලේකම් කාර්යාලය ආයෝජකයින්ට කඩිනම් අනුමැතිය ලබාදීම සඳහා වන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ”සැමට ජයක් – සමගි රටක්’...
නාමල් රාජපක්ෂගේ තවත් බලකණුවක් ගැලවෙයි! රනිල්ගේ දෑත් ශක්තිමත් කරයි!
2024 ජනාධිපතිවරණයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත තීරණය කර තිබේ.
අශෝක ප්‍රියන්ත මීට පෙර නාමල් රාජපක්ෂට සහාය පළ කරන්නට තීරණය කර තිබිණි.
රාජ්‍ය අමාත්‍යවරයා අද (20) පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී...
ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂක නම් අනුපිළිවෙල මුද්‍රණය වන්නේ මෙහෙමයි! අනුර 16! සජිත් 21! නාමල් 32!...
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ ඡන්ද විමසුම 2024 සැප්තැම්බර් මස 21 වන දා පැවැත්වීමට නියමිතයි.
1981 අංක 15 දරන පනතේ 21 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද පත්‍රිකාවල අපේක්ෂකයින්ගේ නම් මුද්‍රණය කරනු ලබන අනුපිළිවෙල පිළිබඳව මැතිවරණ කොමිෂන්...
සමගි ජන බලවේගයේ තවත් ප්‍රබල මන්ත්‍රීන් පහක් ජනපති ළඟට
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇති අතර තවත් 5 දෙනකු ඉදිරි දින කිහිපයේ ජනපති සමඟ එක්වන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “පුළුවන් ශ්‍රී ලංකා”...
ජනාධිපතිවරණය පිළිබඳ රටම බලා සිටින ගැසට් නිවේදනය ගැන ඉඟියක්
මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් අද (19) රාත්රියේදී ගැසට් නිවේදනයක් නිකුත්කරන බව මැතිවරණ කොමිසම පවසයි.
ඒ අනුව, එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල්...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකට එක්සත් ජාතික පක්ෂයෙන් නව තනතුරු
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයෙක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (19) දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පත්වීම් ලිපිය ලබාගැනීම සිදුවුණා.
මීට අමතරව හිටපු අමාත්‍ය පී. හැරිසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. බී. ඒකනායක යන...
ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය දිලිත් ජයවීර සමගින් ගිවිසුම්ගත වෙයි
එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ සහාය සර්වජන අපේක්ෂක ව්‍යවසායක, දිලිත් ජයවීර මහතාට ලබා දීමට එම පක්ෂය තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය සහ සර්වජන බලය එකමුතුව අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම මීට අද දහවල් බොරැල්ලේ...
හරීන්ට හා මනූෂට ජනපතිගෙන් ලොකු තනතුරු දෙකක්
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන්ට විශේෂ ජනාධිපති උපදේශක දුර දෙකක් ලබා දී තිබේ.
මේ අනුව, සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුර හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදී ඇති අතර කම්කරු හා විදේශ රැකියා ජනාධිපති උපදේශක...
ජයග්රහණයෙන් පසු අනුරගෙන් ජනතාවට සහන මල්ලක්
සිය ජයග්රහණයෙන් පසු ආහාර, සෞඛ්‍ය සේවා සහ පාසල් උපකරණවලට පනවා ඇති VAT බද්ද ඉවත් කිරීමට පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු ඒ බව පැවසුවේ පසුගිය සෙනසුරාදා ගාල්ලේ පැවති ජන රැලියකදී ය.
“අපි දන්නවා...














