පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයෙක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (19) දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පත්වීම් ලිපිය ලබාගැනීම සිදුවුණා.

මීට අමතරව හිටපු අමාත්‍ය පී. හැරිසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. බී. ඒකනායක යන මහත්වරුන් අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකයින් ලෙස පත්වීම් ලිපි ලබා ගැනීම ද අද සිදුවුණා.

එසේම ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාත්, හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී .තිස්ස කුට්ටිආරච්චි මහතාත් පී.දේවක වීරසිංහ මහතාත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින අද නව පත්වීම ලිපි ලබාගත්තා

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරුන් ලෙස නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමත් අද දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදු වූ අතර මෙහිදී නව කලාප සංවිධායකවරුන් 295 දෙනෙකු පත්වීම් ලිපි ලබාගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here