කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ , කොටුව දුම්රිය ස්ථානය වෙත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ඉකුත් (15) දින ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව ( Air Port Terminal Shuttle Service ) (19) දින උදෑසන 11.00 පමණ සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා.

මෙම බස් රථ සේවාව ආරම්භ කළ සැනින් , ඊට එරෙහිව ගුවන් තොටුපොළ – කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබුණා.

මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන් තොටුපොළ කුලී රථ ධාවන සංගම් ද සහයෝගය පළ කර තිබූ අතර මේ සියල්ල සළකා බලා එම සුඛෝපභෝගී බස් රථ ධාවනය ආරම්භ කර දින 04 කට පසුව නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා.

එසේ නවතා දැමූ බස් රථ වෙනුවට කටුනායක ගුවන් තොටුපොළ – කොළඹ , කොටුව අතර ධාවනය වන සුඛෝපභෝගී බස් රථ සංගමයේ දිනකට ධාවනයෙන් ඉවත් වන බස් රථ 10ක් , කටුනායක ගුවන් තොටුපොළේ සිට ගමන් කොළඹ , කොටුව දුම්රිය ස්ථානය වෙත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ධාවනය කර වීමට නියමිත බැව් ගුවන් තොටුපොළ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here