කොස්ගොඩ පොලිස් වසමේ, මහ ඉදුරුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක අද (19) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ, ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.

කොස්ගොඩ පොලීසිය පැවසුවේ, ගාල්ලේ සිට කොළඹ දෙසට යමින් සිටි දුම්රියක කොස්ගොඩ සිට දර පටවාගෙන පැමිණි ලොරි රථයක් ගැටී අනතුර සිදුව ඇති බවයි.

එම අනතුරින් ලොරි රථයේ ගමන් ගත් අනෙක් පුද්ගලයාද බරපතළ තුවාල ලබා ඇති අතර ඔහු මහ ඉදුරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර එලෙස දුම්රියේ ගැටී අනතුරට පත්වූ ලොරි රථය කුඩු පට්ටම් වී ඇති බවද වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here