Tuesday, April 21, 2026

දේශපාලන පුවත්

අපේක්ෂකයන් 1024ගේ වියදම් ලැයිස්තු නැහැලු

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වු අපේක්ෂකයන් 1024 දෙනෙකු තවමත් වියදම් ලැයිස්තු ඉදිරිපත් කර නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ අදාළ වියදම් ලැයිස්තු ඉදිරිපත් නොකරන්නන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි. පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු...

ජනපති අනුරට රනිල්ගෙන් පැසසුමක්

ජනාධිපති අනුර කුමාර දිසානයකගේ ඉන්දීය නිල සංචාරයේ දී දෙරටේ රාජ්‍ය නායකයන් විසින් ඊයේ (16) පවත්වනු ලැබූ ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන බැවින් එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. නිවේදනයක් නිකුත් කරමිනුයි හිටපු ජනාධිපතිවරයා...

අධිනීතිඥ විභාගය කළේ අවුරුදු පහේ දී ද? අධිකරණ ඇමතිගෙන් පැනයක්

ශ්‍රී ලංකාවේ අධිනීතිඥයන් සිටිය නොහැකි බවත්, එසේ සිටින්නේ නම් එය ව්‍යාජ හැඳින්වීමක් බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසුවා. පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා අවස්ථා ගණනාවක දී සිය...

පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකරට විනය පරීක්ෂණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකරට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විනය පරීක්ෂණයක් කැඳවා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ, පක්ෂයේ තීන්දු තීරණවලට පටහැනිව කටයුතු...

අගමැතිනිය චීන කාන්තා සම්මේලනයේ උප සභාපතිනිය හමුවෙයි

චීන කාන්තා සම්මේලනයේ උප සභාපතිනි යැන්ග් ඩොන්මෙයි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අදාළ සාකච්ඡාව පවත්වා ඇති අතර, එහිදී කාන්තාවන් සවිබල ගැන්වීම සහ සංවර්ධන සදහා වන අන්‍යොන්‍ය උත්සහයන් පිළිබද අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය...

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු දිවුරුම් දෙයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හිමිකරගත් මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු අද (17) රැස්වූ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි ඉදිරියේදී යි. එහිදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී...

මන්ත්‍රී අර්චුනාට රෝහලට යන්ඩ පුලුවන් බෙහෙත් ගන්ඩ විතරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා යම් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට මිස වෙනත් හේතුවකට යාපනය ශීක්ෂණ රෝහලට ඇතුලුවීමට උත්සහ කරන්නේ නම් වහාම ඔහු අල්ලා පොලිසියට බාර දෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා විසින් රෝහල් ආරක්ෂක නිලධාරීන්ට ඊයේ (16) දැනුම් දී තිබෙනවා. ඔහු ආරක්ෂක නිලධාරීන්ට පහර...

නව කථානායකවරයා ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න තෝරාපත් කෙරේ

පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (17) තෝරාපත් කර ගත්තා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ සභානායක බිමල් රත්නායකගේ යෝජනා ස්ථීරත්වයෙන්. ඒ අනුව ඔහු මෙරට 23වැනි කථානායකවරයා ලෙස ඉතිහාසයට එක්වනු ඇති. මෙලෙස නව කථානායකවරයෙකු තෝරාපත්කර ගැනීමට...

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (17) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන අනුව ප්‍රථමයෙන් අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුවයි නව කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදු කිරීමට නියමිතව ඇත්තේ. නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු...

අශෝක රන්වල නිල වශයෙන් ඉල්ලා අස්වූ බවට ගැසට්ටුවක්

දෙසැම්බර් 13 වැනිදා සිට අශෝක සපුමල් රන්වල පාර්ලිමේන්තුවේ කථානායක ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වූ බව නිවේදනය කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව ඇති අතර, එහිදී නව කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට...
statistics