
දෙසැම්බර් 13 වැනිදා සිට අශෝක සපුමල් රන්වල පාර්ලිමේන්තුවේ කථානායක ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වූ බව නිවේදනය කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අතර, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව ඇති අතර, එහිදී නව කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට ද නියමිතයි.
එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන අනුව ප්‍රථමයෙන් අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුවයි නව කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදු කිරීමට නියමිතව ඇත්තේ.
source :- https://tinyurl.com/5drda3kb








