
පාර්ලිමේන්තුව අද (17) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි.
එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන අනුව ප්‍රථමයෙන් අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ඉන් අනතුරුවයි නව කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදු කිරීමට නියමිතව ඇත්තේ.

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ පාර්ලිමේන්තුවේදී රැස් වුණා.
එහිදී තීරණය වී ඇත්තේ අද පෙරවරුවේ නව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව සහ දිවුරුම් දීම සිදු කිරීමටයි.
ඒ අනුව, සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් නම්කළ මන්ත්‍රීවරයන් තිදෙනෙකු සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නම් කළ මන්ත්‍රීවරයෙකු දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
අනතුරුව නව කථානායකවරයෙකු තෝරා ගැනීමට නියමිතයි.
10 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධූරයට පත් වූ අශෝක සපුමල් රන්වල ඉකුත් 13 වැනිදා ධුරයෙන් ඉල්ලා අස්වුණේ, ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන්.
මේ අතර, පසුගිය 13 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක සපුමල් රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට දැනුම් දෙමින් ජනාධිපති ලේකම්වරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, කථානායක ධූරය සදහා පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළා.
නව කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේදී රැස්වී සාකච්ඡාවක් සිදු කළා.
මේ අතර, කථානායක ධූරය සදහා විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු යෝජනා කිරීම සම්බන්ධයෙන් අනිකුත් පක්ෂ සමග සාකච්ඡා කර අද තීරණයක් ගන්නා බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කළේ. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔහු මේ බව සදහන් කළා.
මේ අතර, කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නියෝජිතයෙකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා සිය පක්ෂය සහාය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළා.
source :- https://tinyurl.com/4yu7y3u2








