
ශ්‍රී ලංකාවේ අධිනීතිඥයන් සිටිය නොහැකි බවත්, එසේ සිටින්නේ නම් එය ව්‍යාජ හැඳින්වීමක් බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසුවා.
පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා අවස්ථා ගණනාවක දී සිය නාමය ‘අධිනීතිඥ අජිත් පී. පෙරේරා’ ලෙස හඳුන්වා ඇති ලේඛන කිහිපයක් ද සභාගත කරමින්.
මේ අතර තමා සිදු කරන කරුණු දැක්වීමට පිළිතුරු දීම සඳහා මන්ත්‍රීවරයාට අවස්ථාව ඇති බවත්, ඒ සඳහා තම කතාව අවසන් වීමට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණෙන ලෙසත් පවසමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ, වීදුරු ගෙවල්වල සිට ගල් නොගහන ලෙසත්, වෙනත් අයට චෝදනා කිරීමේ දී තමා අවට පරිසරය පිළිබඳව ද අවධානය යොමු කරන ලෙසත් පවසමින්.

තව ද 1973 වසරේ සිට මෙරට සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුන් පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ වර්ෂයෙන් පසු පසු කිසිදු අධිනීදීඥයකු මෙරට සිටිය නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුවට පමණක් එම තත්ත්වය වෙනස් වන බවයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ඇතැම් නිලධාරීන්ගේ තනතුරු සිංහලෙන් හැඳින්වීමේ දී අධිනීතීඥ ලෙස හැඳින්වීම සිදුකරන බවත්, තමා ද එම දෙපාර්තමේන්තුවේ සේවය කළ සමයේ එම තනතුරු නාමය භාවිත කළත්, එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් වූ පසු ‘අධිනීතිඥ’ ලෙස තමා හඳුන්වා නොගත් බවත් අධිකරණ අමාත්‍යවරයා එහි දී සඳහන් කළා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා බොහෝ අවස්ථාවල අධිනීතීඥ ලෙස හඳුන්වා ඇති අතර ඔහු එලෙස අධිනීතිඥ ලෙස හැඳින්වීමට නම් 1973 වසරට පෙර අදාළ විභාගය සිදුකර තිබිය යුතු බවත් නමුත්, ඒ වනවිට එම මන්ත්‍රීවරයාගේ වයස අවුරුදු පහක් පමණ වන්නට ඇති නිසා විභාගය සිදු නොකරන්නට ඇතැයි විශ්වාස කරන බව ඇමැතිවරයා සඳහන් කළා.
ඒ අනුව දැනට භාවිතයේ නොමැති තනතුරක් භාවිත කිරීම ද වංචාවක් බව පෙන්වා දුන් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ, එංගලන්තයේ බැරිස්ටර් විභාගය සිදු කළ අයකුට වුව ද එය භාවිත කළ හැක්කේ අදාළ රටේදී පමණක් වන අතර එය ශ්‍රී ලංකාවට වලංගු නොවන බවයි.
ඒ අනුව අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරාට අභියෝග කරමින් සඳහන් සිටියේ අදාළ විභාගය සිදුකර ඇත්නම් ඊට අදාළ සහතිකය ඉදිරිපත් කරන ලෙසයි.
source :- https://tinyurl.com/bdfemf5e








