අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් ඉඟිනියාගල පොලිස් බල ප්‍රදේශයේ දේවාලහිඳ ප්‍රදේශයේදී අනතුරට ලක්විය.

ඒ රියදුරුට ඇතිවූ හෘදයාබාධයක් නිසා බස් රථය පාරෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙනි.

පසුව මඟීන් කඩිනමින් රියදුරු ඉඟිනියාගල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් රියදුරු මියගොස් සිටි බව පොලීසිය පවසයි.

ඊයේ (23) රාත්‍රි 7.00 ට පමණ අම්පාර ඩිපෝවෙන් කොළඹ  බලා  එම බස් රථය පිටත්වී තිබේ.

රියදුරුට ඇතිවූ යම් අසනිප තත්වයක් නිසා ඔහු බස් රථය ඉඟිනියාගල මහා විදුහල අසල නවත්වා එම ස්ථානයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගොස් ප්‍රතිකාර ගෙන නැවත කොළඹ බලා පිටත්ව තිබේ.

ඔහුගේ අසනීප තත්ත්වය බැරෑරුම් බැවින් මෙම ගමන නොයන ලෙසට වෛද්‍යවරයා උපදෙස් දී ඇතත්, වෙනත් රියදුරෙක් නැති බව පවසමින් ඔහු කොළඹ බලා බස් රථය ධාවනය කර ඇත.

කෙසේ වෙතත් වෛද්‍යවරයා හමුවී සැතපුම් 10 යන්නට පෙර බස් රථයේ රියදුරා නැවත අසනීප වී බස් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මඟීන් 40ක් පමණ සිටි ඇති වුවත්, එක් මඟියෙක් පමණක් සුළු තුවාල ලබා තිබේ.

මියගොස් ඇති බස් රථ රියදුරා 49 හැවිරිදි මංජුල ප්‍රසන්න නැමැති පරගහකැලේ පදිංචි දෙදරු පියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here