තම මව සමඟ විරසක වී පෙම්වතාගේ නිවසට ගිය 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් හට බරපතල ලිංගික අපයෝජනයක් කල එම පෙම්වතා සහ ඒ සඳහා ආධාර අනුබල දුන් සැකකරුගේ මව අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, රාජාංගනය පොලිස් වසමේ පදිංචි පුතෙකු සහ මවක්ය.

වින්දිත දැරිය අනුරාධපුර පොලිස් වසමේ ගමක තම මව සමගින් සිටියදී, මව සමග ඇති කරගත් බහින්බස්වීමකින් අනතුරුව දැරිය එම මවට නොදන්වා නිවසින් පිටව ගොස් පෙම්වතාගේ නිවසට ගොස් ඇති බව පොලිසිය කියයි.

එම මව පොලිසියට කල පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකර රාජාංගනය ප්‍රදේශයට ගොස් දැරිය තම භාරයට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමේදී මෙම අපයෝජන සිද්ධිය අනාවරණය වූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර මහතාගේ උපදෙස් මත ළමා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here