දිවයිනේ ප්‍රථමයාට ලකුණු 188යි
2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව, සිසුන්ගෙන් 16.05%ක් ලකුණු ඉක්මවා ලබා ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් පවසනවා.
සමස්ත විභාගයෙන් ලබාගත් ඉහළම ලකුණු 188ක් බවයි වාර්තා වන්නේ.
source :- https://tinyurl.com/3fkvku2r
යුනිසෙෆ් සංවිධානය පැවසූ දේ
2024 දී ශ්‍රී ලංකාවේ සිසුන් 515,306ක් දේශගුණික විපර්යාස හේතුවෙන්, ප්‍රධාන වශයෙන් ගංවතුරින් පීඩාවට පත් වූ බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.
ඒ, අදට (24) යෙදෙන ජාත්‍යන්තර අධ්‍යාපන දිනයේදී නිකුත් කරන ලද "Learning Interrupted: Global Snapshot of Climate-Related School Disruptions in 2024" වාර්තාවට...
වතු දෙකේ මුරකරුවන් වෙඩි තබා ගනී
මදුරන්කුලිය පොලිස් බල ප්‍රදේශයට අයත් ඌනාවෙලිය, හෙට්ටිවත්ත ප්‍රදේශයේ පුද්ගලික වතු යායක මුර සේවයේ යෙදී සිටි මුරකරුට ඊයේ (23) රාත්‍රියේ වෙඩි තබා තිබෙනවා.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ මුරකරු වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි මදුරන්කුලිය පොලිසිය සදහන්...
තොරතුරු එළියට එන ගල්කිස්සේ ඝාතනය
ගල්කිස්ස - සිරිපාල මාවත ප්‍රදේශයේදී පසුගිය 19 වනදා වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ සිදු කල වැටලීමකදීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
යතුරුපැදියෙන් පැමිණි වෙඩික්කරුට...
සූර් වූ පානදුර උතුරේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම්
පොලිස් නිලධාරීන් පිරිසක් රාජකාරී නිළ ඇදුමින් සැරසී පොලිස් සේවයට නොගැලපෙන අන්දමට හැසිරීමේ සිද්ධියට සම්බන්ධ පානදුර උතුර පොලිසියේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඊට අදාළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වන අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක්...
ඖෂධ වල මිල පහළට
ඖෂධ සමාගම් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීම හේතුවෙන් ඩොලර් 397ක වටිනාකමකින් යුත් ඖෂධයක මිල මේ වන විට ඩොලර් 97 දක්වා අඩුකිරීමට හැකිවූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ පවසනවා.
හිරු ප්‍රවෘත්ති සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වමිනුයි...
340,000 කට වැඩි විදේශ රැකියා මේ වසරේ
මෙම වසර තුළදී 340,000කට විදේශ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එහි සභාපති කෝෂල වික්‍රමසිංහ සදහන් කළේ, පසුගිය වසරේදී තුන් ලක්ෂ 11,000ක් වූ විදේශ රැකියා ප්‍රමාණය මෙම වසරේදී සියයට 12කින් වැඩි කර ගැනීමට...
ආයුධයකින් පහර දී පුද්ගලයෙකු මරුට
ඊච්චන්කුලම පොලිස් වසමේ සුන්දරපුරම් ප්‍රදේශයේදී අද (24) තියුණු ආයුධවලින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 31ක් වන සුන්දරපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු...
අදත් දිස්ත්‍රික්ක කිහිපයක වැසි වාර කිහිපයක්
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල...
ගිලන් රථයක් හා ලොරි රථයක් ගැටේ
ත්‍රිකුණාමලය - මඩකලපුව මාර්ගයේ මුතූර් පාලතෝපූර් ප්‍රදේශයේදී ඊයේ (21) ගිලන් රථයක් ඇළකට පෙරලීයෑමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ගිලන් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් කිසිම ජීවිත හානියක් සිදුව නැහැ.
source :- https://tinyurl.com/msevbt84














