කාලගුණය අද සහ හෙට දරුණු වෙයි
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (16) සහ හෙට (17) දිනවලදී බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත...
නාමයෝජනා භාරදුන් ජනපති මහනුවරට යයි
එළඹෙන ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව මහනුවර අස්ගිරි සහ මල්වතු මහා විහාර වෙතද ගිය ජනාධිපතිවරයා, මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය...
ආසාත්මික තත්ත්වයක් නිසා තිරප්පපනේ විදුහලක සිසුන් 21ක් රෝහල් ගතකෙරේ
හදිසියේ ඇති වූ ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් තිරප්පනේ විදුහලක සිසුන් 21 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
එලෙස රෝහල්ගත කර ඇත්තේ, එම පාසලේ 4 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක්.
ශරීරයේ ඇතිවූ කැසීම් ස්වභාවය හේතුවෙන් ඔවුන් මෙලෙස රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය...
ජනපති රනිල් ‘ගෑස් සිලින්ඩරය’ ලකුණෙන් තරගබිමට.
2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබාදී ඇත.
මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් අනතුරු ඇඟවීමක්
එළැඹෙන කාලසීමාව තුළදී කිසිදු අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය වන හෝ අගතියට පත්වන අයුරු රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය කටයුතු නොකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක මහතා පැවසුවා.
ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ...
මෙවර ජනපතිවරණය සඳහා තරග කරණ අපේක්ෂකයින් නිල වශයෙන් නම් කරයි! එම නම් ලැයිස්තුව මෙන්න!
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම මේ වන විට අවසන් කර තිබෙනවා.
ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කළ ද නාමයෝජනා පත්‍රය සඳහා අත්සන් තබා ඇත්තේ අපේක්ෂකයින් 39 දෙනෙක් පමණක් බවයි මැතිවරණ කොමිසම දැනුම්දෙනු ලැබුවේ.
2024 ජනාධිපතිවරණ අපේක්ෂයින් නාමයෝජනා...
අමාත්‍ය ධූර කිහිපයක් ජනපති යටතට පවරා ගනිමින් විශේෂ ගැසට් නිවේදනයක්
අමාත්‍ය ධුර තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර ජනාධිපතිවරයා යටතට ගෙන තිබේ.
මෙම අමාත්‍ය ධුරවල මීට...
නීති කඩන ‘හිරු’ නාලිකාවට මැතිවරණ කොමිසමෙන් තරයේ අවවාද
හිරු මාධ්‍ය ජාලය මඟින් විකාශය වන වැඩසටහන් තුළින් මැතිවරණ නීති උල්ලංඝනය වන බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම එම මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරියාට ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබේ.
එමගින් දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම...
මන්ත්‍රීවරු රැසකට නැවත පාර්ලිමේන්තුවට එන්න ජනතාව ඉඩ දෙන්නෑ
වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් බොහෝ දෙනෙකුට නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට ජනතාව ඉඩ නොතබන බව ජනාධිපතිධුර අපේක්ෂක හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
ජනාධිපතිවරණය සඳහා අද (14) පෙරවරුවේ නාම යෝජනා අත්සන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළ...
රාජගිරිය අවට හෙට විශේෂ රථ වාහන සැලැස්මක්
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම අගෝස්තු 15 වනදා රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතයි.
ඒ වෙනුවෙන් එදින උදෑසන 8 සිට පස්වරු 2 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බවයි, පොලීසිය නිවේදනය කළේ.














