අමාත්‍ය ධුර තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර ජනාධිපතිවරයා යටතට ගෙන තිබේ.

මෙම අමාත්‍ය ධුරවල මීට පෙර කටයුතු කරන ලද්දේ හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අය වන අතර ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමත් සමඟ අමාත්‍ය ධුරයන් හී පුරප්පාඩු ඇතිව තිබුණි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙම අමාත්‍ය ධුර තමා භාරයේ තබා ගනිමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here