
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් ‘සමස්ත ලංකා මහජන කොංග්‍රසය’ ද ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට එකඟතාව පළ කර තිබෙනවා.
මේ වනවිටත් ඔවුන් සමගි ජන බලවේගයේ පාර්ශ්වයක් ලෙසයි කටයුතු කරන්නේ.
ජනාධිපතිවරණයේදී සහය දිය යුත්තේ කුමන අපේක්ෂකයාට ද යන්න පිළිබඳව උත්තරීතර මණ්ඩලය තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

එහි දී බහුතරය ප්‍රකාශ කර ඇත්තේ, සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කළ යුතු බවයි.








