
වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් බොහෝ දෙනෙකුට නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට ජනතාව ඉඩ නොතබන බව ජනාධිපතිධුර අපේක්ෂක හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
ජනාධිපතිවරණය සඳහා අද (14) පෙරවරුවේ නාම යෝජනා අත්සන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළ කළා.
ජනාධිපතිධුර අපේක්ෂක විජයදාස රාජපක්ෂ අද පෙරවරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවා.

ඒ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේයි.







