ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නවතම එක්දින ක්‍රිකට් ක්‍රීඩක ශේණිගත කිරීම් අද (14) නිකුත් කර තිබේ.

ඒ අනුව නවතම එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංඛ සමත් වී තිබේ.

චරිත් අසලංක එම ශ්‍රේණිගත කිරීම්වල 17 වන ස්ථානයේ රැඳී සිටින අතර කුසල් මෙන්ඩිස් එහි ස්ථාන 5ක් ඉදිරියට පැමිණෙමින් 39 වන ස්ථානයේ රැඳී සිටි.

එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු මෙම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 20ක් ඉදිරියට පැමිණ ඇති අතර ඔහු මේ වන විට රැඳී සිටින්නේ එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 68 වන ස්ථානයේයි.

මේ අතර එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 59 වන ස්ථානය හිමි කර ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත්වී තිබේ.

ඒ ඔහු එම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 17ක් ඉදිරියට පැමිණීමත් සමඟයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here