තණමල්විල දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විදුහල්පති ඇතුළු ගුරුවරුන් ඇප මත මුදා හැර තිබෙනවා.

අදාළ සිද්ධිය පාසල තුළදී වසන් කළ බවටයි එම පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ විනය කමිටුවේ ගුරුවරියන් දෙදෙනාට චෝදනා එල්ල වුණේ.

ඒ අනුව ඊයේ පස්වරුවේ දී ඔවුන් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස අද දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇපදෙකක් මත සැකකරුවන් සිව්දෙනා මුදා හැරීමට වැල්ලවාය මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක නියෝග කළා.

මෙම නඩුව මෙම මස 22 වනදා යළි කැඳවීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here