කමිඳු මෙන්ඩිස්ගේ සහ ජෙෆ්රි වැන්ඩර්සේගේ එංගලන්ත වීසා ගැටලුව විසඳී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පවසනවා.

ඒ අනුව ඔවුන් හෙට (15) දින එරට බලා ගමන් කරනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පසුගිය 11 වැනිදා එංගලන්තයට ගිය මොවුන් දෙදෙනාට එදින එහි යාමට හැකි වූයේ නැහැ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරග තුනක් පැවැත්වෙන අතර එහි පළමු තරගය ලබන 21 වැනිදා මැන්චෙස්ටර් හීදී ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here