Friday, February 13, 2026

ක්‍රීඩා පුවත්

චමරි අතපත්තුගෙන් පසු ශ්‍රී ලංකාවට තවත් ශතක ලාභිනියක්

චමරි අතපත්තුගෙන් පසුව කාන්තා එක්දින ක්‍රිකට් තරගයක දී ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට විශ්මි ගුණරත්න පත් වී තිබෙනවා. ඒ, අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ අද(16) පැවති එක්දින තරගයේදීයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40 ක්...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන T10 තරගාවලියට දින නියම වෙයි

ලංකා T10 තරගාවලිය ලබන 16 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා කොළඹ, නුවර, ගාල්ල, යාපනය සහ දඹුල්ල කණ්ඩායම් තරග වදින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. කොළඹ කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට හිමිව ඇති අතර දඹුල්ල කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ...

පැතුම් හා දුනිත් අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්හි කැපී පෙනෙන ලෙස ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නවතම එක්දින ක්‍රිකට් ක්‍රීඩක ශේණිගත කිරීම් අද (14) නිකුත් කර තිබේ. ඒ අනුව නවතම එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංඛ සමත් වී තිබේ. චරිත් අසලංක එම ශ්‍රේණිගත කිරීම්වල...

කමිඳුගේ සහ වැන්ඩර්සේගේ වීසා ගැටලුව විසඳෙයි

කමිඳු මෙන්ඩිස්ගේ සහ ජෙෆ්රි වැන්ඩර්සේගේ එංගලන්ත වීසා ගැටලුව විසඳී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පවසනවා. ඒ අනුව ඔවුන් හෙට (15) දින එරට බලා ගමන් කරනු ඇති. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පසුගිය 11 වැනිදා එංගලන්තයට ගිය මොවුන් දෙදෙනාට එදින...

තියුණු තරගයකින් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අවාසනාවන්ත පරාජයක්

සත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පැවති දෙවැනි T20 තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා. ඊයේ (13) පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට...

සනත් ජයසූරියගෙන් කුමාර සංගක්කාරට හා ලසිත් මාලිංගට විශේෂ ස්තූතියක්

වසර 27කට පසු ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ පළමු එක්දින තරගාවලි ජයග්‍රහණයෙන් පසු හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග වෙත ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරිය සිය කෘතඥතාව පළ කරමින් සිය X ගිණුමේ සටහනක් පළ කර තිබේ. ක්‍රිකට් ආරංචි...

ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයක්! වසර 27කට පසු ඉන්දියාවට ක්‍රිකට් උගන්වයි!

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 2-0ක් වශයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ මෙම තරගය ලකුණු 110කින් ජය ගැනීමත් සමගයි. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ...

ප්‍රවීන් ජයවික්‍රමට ICCයෙන් දූෂණ චෝදනා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූශණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ප්‍රබල චෝදනා 3ක් ශ්‍රී ලංකා යොවුන් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජාත්‍යන්තර තරඟවලදී සහ 2021 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී තරඟ පාවාදීම සමබන්ධව තමාට...

කුසල් මෙන්ඩිස්ගේ දැවි යාම ආන්දෝලනාත්මකයි! විනිසුරු තීරණයට දැඩි විවේචන එල්ල වෙයි!

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ(07) පැවති අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කුසල් මෙන්ඩිස්ගේ දැවි යාම සම්බන්ධයෙන් තෙවන විනිසුරුවරයා ලබා දුන් තීරණය පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. අදාළ ආන්දෝලනාත්මක තීන්දුව ලබා දීමට විනිසුරුවරයා විසින් කැමරා කෝණ දෙකක පමණක්...
statistics