එලෝන් මස්ක් “ටික්ටොක්” මිලදී ගනීද?
ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීම සදහා ටෙස්ලා සමාගමේ හිමිකරු වන එලෝන් මස්ක් විසින් ලංසු ඉදිරිපත් කර තිබෙනවා.
එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව පසුගිය දා ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට පියවර ගත්ත ද පසුව පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම යෙදවුම තවත්...
සම්බාධක පැනවූ කොළොම්බියාව
කොළොම්බියාවට තීරුබදු සහ සම්බාධක පැනවීමට තම පරිපාලනයට උපදෙස් දුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඒ අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයින් සිය රටට ගොඩ බෑමට කොළොම්බියාව අවසර නොදීම හේතුවෙන්.
ඒ අනුව ඇමරිකාවට ආනයනය කරන කොළොම්බියානු සියලුම භාණ්ඩ සඳහා සියයට 25ක...
ගිවිසුම නිසා සිරකරුවන් දෙසීයකට නිදහස
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස නිදහස් කිරීමට නියමිතව තිබූ පලස්තීන සිරකරුවන් දෙසීය දෙනා මේ වන විට නිදහස් කර තිබෙනවා.
ඊයේ (25) දිනයේ දී හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල කාන්තා සොල්දාදුවන් සිව්දෙනෙකු නිදහස් කරනු ලැබූ අතර ඔවුන්...
අමෙරිකාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන කොළ එළියක්
අමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්වීමට යළි සිතා බලන බව අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, බිලියන 1.4ක ජනගහනයක් වෙසෙන චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්ෂිකව ලබාදෙන්නේ අමෙරිකා ඩොලර් මිලියන 39ක් බවත් මිලියන 325ක ජනගහනයක් වෙසෙන...
70 ක් මිය ගිය ඩ්‍රෝන ප්‍රහාරය
සුඩානයේ එල් ෆෂර් නගරයේ රෝහලකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 70 ක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනම් පවසනවා.
මියගිය පිරිස අතර, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තවත් රෝගීන් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා...
චීන මුහුදේ විද්‍යාත්මක සමීක්ෂණයක් අත්හිටුවයි
දකුණු චීන මුහුදේ විද්‍යාත්මක සමීක්ෂණයක් අත්හිටුවීමට පිලිපීනය කටයුතු කර තිබෙනවා.
සිය ධිවර යාත්‍රාවලට චීන වෙරළාරක්ෂක බලකායෙන් සහ නාවික හමුදාවෙන් සිදුවන හිරිහැර හේතුවෙන් එම පියවර ගත් බව පිලිපිනය ප්‍රකාශ කළේ.
දකුණු චීන මුහුදේ මත භේදාත්මක තත්ත්වයක් ඒ ආසන්න රටවල් අතර පවතින අතර...
රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර
ඩ්‍රෝන යානා 121ක් පමණ යොදා ගනිමින් යුක්රේනය රුසියානු තෙල් පිරිපහදුවකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත්, එය මොස්කව් නගරය ඉලක්ක කර දියත් කර ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
රියාසාන් සහ මොස්කව් ඇතුළු කලාප 13...
දහස් ගණන් පිරිසක් ඉවත් කෙරූ හියුස් ලැව්ගින්න
අමෙරිකාවේ ලොස්ඇන්ජලිස්හි පැතිර යන නව ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනකට අධික පිරිසක් අවදානම් ප්‍රදේශවලින් ඉවත් කිරීම වේගවත් කර තිබෙනවා.
පෙරේදා (23) හටගත් හියුස් නමැති නව ලැව්ගින්නෙන් දැනටමත් අක්කර 10,000ක් පමණ ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ලැව් ගින්න ලොස්ඇන්ජලිස් සිට...
ඊශ්‍රායල හමාස් තවත් හුවමරුවක්
ඊශ්‍රායල - හමාස් සටන් විරාම ගිවිසුම යටතේ දෙවන සිරකරු හුවමාරුව අද සිදු කිරීමට නියමිතයි.
විදෙස් වාර්තා සදහන් කළේ, හමාස් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 4 දෙනෙකු වෙනුවට පලස්තීනුවන් 180 දෙනෙකු නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවයි.
එසේම පළමු හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන්...
ට්‍රම්ප් කාන්තාවකට තානාපතිධුරය දෙයි
එක්සත් ජාතීන්ගේ තානාපති ධුරය සඳහා ඇමරිකානු නාමයෝජනා ලබා ඇති, දැනට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකාවක් වන එලිස් ස්ටෙෆානික්, ජාත්‍යන්තර සංවිධාන තුළ තායිවානයේ උපරිම අර්ථවත් සහභාගීත්වය සඳහා කටයුතු කිරීමට ප්‍රතිඥා දී ඇති බව තායිපේ ටයිම්ස් වාර්තා කරනවා.
ඇය මෙම අදහස් පළ කර...














