අමෙරිකාවේ ලොස්ඇන්ජලිස්හි පැතිර යන නව ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනකට අධික පිරිසක් අවදානම් ප්‍රදේශවලින් ඉවත් කිරීම වේගවත් කර තිබෙනවා.

පෙරේදා (23) හටගත් හියුස් නමැති නව ලැව්ගින්නෙන් දැනටමත් අක්කර 10,000ක් පමණ ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ලැව් ගින්න ලොස්ඇන්ජලිස් සිට උතුරු දෙසින් කිලෝමීටර 72 ක ප්‍රදේශයක් පුරා පැතිර යාමේ අවදානමක් පවතිනවා.

ගිනි නිවන භටයින් පවසන්නේ, දැඩි සුළං ප්‍රවාහය හේතුවෙන් ගින්න පාලනය කිරීම දුෂ්කර වී ඇති බවයි.

කෙසේ වුවද, ලැව්ගිනි තත්වයෙන් 14% ක පමණ ප්‍රමාණයක් පාලනය කිරීමේ හැකි මට්ටමක පවතින බවයි බලධාරින් පවසන්නේ.

source :- https://tinyurl.com/3my7jkuv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here