Thursday, April 23, 2026

විදේශීය පුවත්

බෙන් ස්ටෝක්ස්ගේ නිවසට කිසියම් පිරිසක් ඇතුළු වී එහි තිබූ භාණ්ඩ සොරාගෙන ඇත

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස්ගේ නිවසට කිසියම් පිරිසක් ඇතුළු වී එහි තිබූ භාණ්ඩ සොරාගෙන ඇතැයි ඔහු පවසනවා. ඔහු ටෙස්ට් තරගාවලියකට සහභාගී වීම සඳහා පාකිස්ථානයට ගොස් සිටියදීයි ඔහුගේ නිවසේ මෙම සොරකම සිදුව ඇත්තේ. අපරාධය සිදු අවස්ථවේදී ඔහුගේ බිරිඳ සහ දරුවන්...

කුරුළු උණ රෝගය වැළදුණු ඌරෙකු ප්‍රථම වරට

H5N1 කුරුළු උණ රෝගය වැළදුණු ඌරෙකු ප්‍රථම වරට අමෙරිකාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඔරිගන්හි ක්‍රූක් ප්‍රාන්තයේ ගොවිපළේ සිටි ඌරෙකුට මෙම රෝගය වැළදී ඇති අතර තවත් ඌරන් දෙදෙනෙකු පරික්ෂණයට භාජනය කළත් ඔවුන්ට මෙම රෝගය වැළදී නොමැති බවයි අනාවරණය වී ඇත්තේ. කෙසේ වෙතත් තවත් ඌරන් දෙදෙනෙක්...

වසර 30ක් තුළ බ්‍රිතාන්‍යය රජයක් හඳුන්වා දුන් විශාලතම බදු වැඩිකිරීම

බ්‍රිතාන්‍යයේ නව මුදල් ඇමතිනි රැචෙල් රීව්ස් සිය පළමු අයවැය යෝජනාවලිය ඊයේ (30) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි විශේෂත්වයවන්නේ වසර 30ක් තුළ බ්‍රිතාන්‍යය රජයක් හඳුන්වා දුන් විශාලතම බදු වැඩිකිරීම එමගින් යෝජනා කර තිබීමයි. සිය අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඇය පසුගිය කොන්සවේටිව් පාලනයට...

රික්ටර් මාපක 6.0ක ප්‍රබල භූමිකම්පාවක්

එක්සත් ජනපදයේ බටහිර වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබෙනවා. රිච්ටර් මාපක 6.0 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව ඔරිගන් ප්‍රාන්තයේ බැන්ඩන් නගරයේ සිට සැතපුම් 173 ක් (කිලෝමීටර් 279 ක්) දුරින් පැසිෆික් සාගරයට යටින් ඇතිව ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ...

කන්දක් උඩට ගිය පූජකයා ජීවිතක්ෂයට පත්වෙයි

තමාට පියාඹන්න හැකි බව පවසා බැතිමතුන් සමඟ කන්දක් උඩට ගිය පූජකයෙක් එම කන්දෙන් පහළට ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයෙන්. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 49ක්වන පූජකවරයෙක්. මොහු සිය බලය පෙන්වීම සඳහා කඳු අයිනට...

චෝ සොන්-හුයි රුසියාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබෙ

උතුරු කොරියාවේ විදේශ අමාත්‍ය චෝ සොන්-හුයි රුසියාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබෙනවා. උතුරු කොරියානු හමුදා ඛණ්ඩ යුක්‍රේනය සමග යුද කිරීම සදහා රුසියාවට යැවීමේ සූදානමක් පවතින බවට වාර්තා වන පසුබිමකයි විදේශ අමාත්‍යවරයා මෙම සංචාරයට එක් වී ඇත්තේ. මෙම සංචාරයේ දී උතුරු කොරියාවේ...

මව්පියන් පුතුගේ දේහය සමග දින 04ක් නිවසේ

සිය පුතා මියගිය බව නොදැන දින හතරක් ඔහුගේ නිසල සිරුර සමඟ වයෝවෘද්ධ, ​​දෘෂ්‍යාබාධිත මව්පිය යුවළක් වාසය කර තිබෙන පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. සිය පුතාගෙන් මව්පියන් ආහාර සහ ජලය ඉල්ලා කතා කළද, ඔහු ප්‍රතිචාර දක්වා නොමැති බවටයි ඔවුන් පවසා ඇත්තේ. මෙම...

ලෙබනනයේ මියගිය ගණන 93 දක්වා ඉහළට

ලෙබනනයේ නැගෙනහිර බෙකා නිම්නයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ අතර ළමයින් 25 ක් සිටි බවයි. ප්‍රහාර හමුවේ තුවාල ලැබූ ජනතාවට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ හිඟ වීම හේතුවෙන් බලධාරීන් දැඩි...

ඉලොන්ව ගෙන්නේ ජනතාව වෙනුවෙන්

තමන් මෙවර ජනාධිපතිවරණය ජයගතහොත් අමෙරිකානු බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් සිය පරිපාලනය තුළ විශාල කාර්යභාරයක් ඉටුකරනු ඇති බව රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව පැවසුවේ අමෙරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් ඇට්ලන්ටා හිදී පැවැති ජන රැලියක් අමතමිනි. එහිදී ඔහු කියා සිටියේ...

ලෙබනනයේ 60ක් ඊශ්‍රායල ප්‍රහාරවලින් මරුට

ලෙබනනයේ නැගෙනහිර බෙකා නිම්නයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් 58 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හිස්බුල්ලා සංවිධානයේ බලකොටුවක් වෙත මෙම ප්‍රහාරය එල්ලකර තිබු අතර තවමත් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින...
statistics