
තමන් මෙවර ජනාධිපතිවරණය ජයගතහොත් අමෙරිකානු බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් සිය පරිපාලනය තුළ විශාල කාර්යභාරයක් ඉටුකරනු ඇති බව රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අමෙරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් ඇට්ලන්ටා හිදී පැවැති ජන රැලියක් අමතමිනි.
එහිදී ඔහු කියා සිටියේ මීට වසර 4කට පෙර ඔබ සිටි තත්ත්වයට වඩා දැන් හොඳ තත්ත්වයක සිටිනවාදැයි එහිදී ඔහු ජනතාවගෙන් ප්‍රශ්ණ කර සිටියා. එමෙන්ම ඉලෝන්ව මස්ක් තමා ගෙන එන්නේ ඔහුව ලේකම්වරයෙකු කරන්නට නොවන බවත් ඔහුට අවශ්‍ය වන්නේ ඔබගේ ජීවන වියදම් කපා හැරිය මිනිසෙකු වන්නටය. එමෙන්ම ඔබට මීටත් වඩා හොඳ ජීවිතයක් ලබාදීමට මෙන්ම ඔහු මේ රටට ආදරෙයි හෙයින් බව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී කියා සිටියා.

මේ අතර ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂක උප ජනපති කමලා හැරිස් එක්වූ ජන රැලියක් මිචිගන් හිදී පැවැත්වුණා.
එහිදී අය කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් වඩාත් අස්ථාවර බව පෙනෙන්ට ඇති බවයි. එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ නොසැලකිලිමත් මිනිසෙකු බව තමා විශ්වාස කරන බවයි.
තව ද ඔහු නැවත වරක් ජනපති වීමේ ප්‍රතිවිපාක බරපතළ බව කමලා හැරිස් මෙහිදි අවධාරණය කර සිටියා.
මෙවර ඔහුව නවත්වන්න කාටවත් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් මෙවර බැරි බවයි කමලා හැරිස් වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර අමෙරිකානු ජනාධිපතිවරණයට සතියක් පමණ තිබියදී වොෂින්ටන් සහ ඔරිගන් හි ඡන්ද පෙට්ටි දෙකකට ගිනි තැබීමේ සිදුවීම් ද වාර්තා වුණා
source :- https://tinyurl.com/y5uk25jr








