හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නීතිවිරෝධී ලෙස උපයා ගත් බව කියන සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා එම සිද්ධිය සම්බන්ධයෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වුණා.

එසේ භාර වීමෙන් පසුව ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයා පසුගියදා (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

source :- https://tinyurl.com/bdzywuje

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here