
මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය කල දුම්රියේ මැදිරියක තිබී උණ්ඩ පුරවන ලද මැගසින් එකක් සහ ජීව උණ්ඩ තොගයක් හමුවී ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසනවා.
ටී 56 වර්ගයේ ගිණිඅවි සඳහා භාවිතා කරන් ජීව උණ්ඩ 57ක් මෙසේ හමුවූ බවයි පොලිසිය පවසන්නේ.
මරදානෙන් අද (29) උදෑසන 6.30ට පිටත්වූ දුම්රිය දහවල් 12.30 ට පමණ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ලගාවී තිබේ.

දුම්රියේ පැමිණි ජනතාව පිටව ගිය පසු දුම්රිය ආරක්ෂක අංශයේ නිළධාරින් විසින් දුම්රිය පරීක්ෂා කර තිබෙනවා.
එහි තුන්වන පංතියේ මැදිරියක අසුනක් යට තිබී කලු පැහැති බෑගයක් හමුවී ඇති අතර එම බෑගයේ තිබී උණ්ඩ පුරවන ලද මැගසිනය සහ කලු පැහැති ප්ලාස්ටික් කෝප්පයක තිබී ජීව උණ්ඩ හමුවී ඇතැයි පොලිසිය පවසන්නේ.
මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙක් හඳුනාගෙන නැති අතර බෙලිඅත්ත පොලිසිය විමර්ශන සිදුකරනවා.
source :- https://tinyurl.com/576vsahz







