කපු මහතුන් තේවාවලින් ඉවතට
සබරගමුව මහා සමන් දේවාලයේ කපු මහතුන් ඇතුළු රාජකාරී මණ්ඩලය දේවාලයේ තේවාවන් සහ රාජකාරී කටයුතුවලින් ඉවත් වී තිබෙනවා.
ඒ, එම දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින්.
ඔවුන් සඳහන් කළේ සම්ප්‍රදායට එරෙහිව සහ දේශපාලන වුවමනාවන් මත මෙම පත් කිරීම සිදු...
දුම්රිය පීලිපැනීමක් නිසා දුම්රිය ගමනාගමනයට බාධා
දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ඊයේ (05) රාත්‍රී කාලයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් මේ වනවිට දුම්රිය ගමනාගමනයට බාධා ඇතිව තිබෙනවා.
මෙසේ පීලිපැනීමට ලක්ව ඇත්තේ, මරදාන සිට දකුණු කළුතර දක්වා පැමිණ ඉන් අනතුරුව දුම්රිය අංගනය වෙත ගමන් කළ දුම්රියක්.
එම දුම්රිය පීලිපැනීමෙන්...
සහල් අලෙවි කිරීම වෙළෙඳුන් නවතයි
සහල් අලෙවි කිරීමෙන් තමන් ඉවත් වන බව කොටගල එක්සත් වෙළෙඳ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති පුෂ්පා විශ්වනාත් සදහන් කළේ, පාලන මිලට සහල් අලෙවි කිරිමට තමන්ට සහල් තොග නොලැබෙන නිසා සහල් අලෙවි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.
මේ අතර, තවත්...
බස් රථයක ගැටී පිරිමි දරුවෙකු මරුට
රාජාංගනය පොලිස් වසමේ අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ දී ඊයේ (05) රාත්‍රී කාලයේදී පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් සුනඛයකුගේ ගැටීම වැළැක්වීමට යාමේදී, ත්‍රීරෝද රථය පෙරළී මාර්ගයේ ඇදී ගොස් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී තිබෙනවා.
එම අනතුරින් ත්‍රීරෝද...
වැසි සහිත කාලගුණ තත්ත්වයක්
නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක අද (06) වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත...
තෛපොංගල් බතටත් කැකුලු සහල් හිගයක්
තවත් සතියකින් පමණ පසු උදාවන තෛපොංගල් උත්සවය වෙනුවෙන් ද පොංගල් පිළියෙල කර ගැනීමට නොහැකි අයුරින් වෙළදපොලේ සහල් හිඟයක් නිර්මාණයක් වෙමින් පවතින බව පිටකොටුව සහල් තොග වෙළෙඳුන් චෝදනා කරනවා.
පැවති සහල් හිඟයට විසඳුම් ලෙස සහල් සඳහා පාලන මිල ගණන් පැනවීමට, සහල්...
මාස 06කට දික් කල අත්හිටුවීම
ශ්‍රි ලංකා මහ බැංකුව විසින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු තවත් මාස 06 කට අත්හිටුවා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සදහන් කළේ, අද සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගමේ ව්‍යාපාරික කටයුතු තවත් මාස 06ක කාලයක් සදහා අත්හිටුවා ඇති බවයි.
ලියාපදිංචි...
ත්‍රිපෝෂ සමාගම අඛණ්ඩව රජය සතුයි
ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කර රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් එම සමාගමේ ඊයේ පැවති සාකච්ඡාවකදී එම කරුණු අනාවරණය...
කුඩා දරුවෙකු ඇළකට වැටී ජීවිතක්ෂයට
දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී මිය යාමේ සිද්ධියක් මඩකලපුව වෙල්ලාවලි ප්‍රදේශයෙන් වාර්තා වුණා.
පොලිසිය ප්‍රකාශ කළේ මෙම දරුවා මෙම අනතුරට මුහුණ දී ඇත්තේ දෙමව්පියන් නිවසේ සිටියදී බවයි.
නිවස අසල පිහිටි ඇළ ආසන්නයේ ඊයේ පස්වරුවේ සෙල්ලම් කරමින්...
වාහන ආනයනකරුවන්ගෙන් රතු එළි
වාහන ආනයනය නතර කිරීම සහ පැවති ණයවර ලිපි අහෝසි කිරීම යන තීරණ හේතුවෙන් වාහන ආනයනය යළි ආරම්භ කිරීමේදී ජපානය පාර්ශ්වයෙන් බොහෝදුරට බාධා මතුවීමට ඉඩ ඇතැයි වාහන ආනයනකරුවන් පෙන්වා දෙනවා.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ, වාහන මිලදී ගැනීම සඳහා දැන් සිටම අත්තිකාරම්...














