Wednesday, April 29, 2026

දේශීය පුවත්

අද ඩොලරයේ මිල පහළට

2023 ජූනි 08 වැනිදායි පසු ප්‍රථම වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය රුපියල් 300ට වඩා අඩු අගයක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව, අද ඩොලරයේ අගය රුපියල් 299.35ක් ලෙසයි සටහන් වෙන්නේ. එමෙන්ම ඩොලරයේ ගැනුම් මිල රුපියල් 290.30ක්. source :- https://tinyurl.com/cb724j6p

පියුමා ඔක්තෝබර් 16 වැනිදා තෙක් යළි රිමාන්ඩ්

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සළිදු මල්ෂික නොහොත් ''කුඩු සළිදු'' නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැඳින්වෙන හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික නොහොත් "පියුමා" ඔක්තෝබර් 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි...

පාසල් සිසුවෙකු පිරිසකගේ පහරදීමකින් මරුට

මාතලේ - මඩවලඋල්පත ප්‍රදේශයේදී සිදුවූ පහරදීමකින් 17 හැවිරිදි සිසුවෙකු මියගොස් තිබෙනවා. මඩවල - නාලන්දවත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවා මිතුරන් දෙදෙනෙකු සමඟ මඩවලඋල්පත ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බව සඳහන්. අදාළ මිතුරෙකුගේ 16හැවිරිදි පෙම්වතිය බැලීමට ඔවුන් එලෙස එම ප්‍රදේශයට ගොස් ඇති...

පෙබරවාරි 28 දිනට හිටපු ඇමැති පාඨලිගේ රිය අනතුරු නඩුව කල් යයි

පසුගිය යහපාලන රජය සමයේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි මස 28 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. 2016 වසරේ පෙබරවාරි මස...

මිසයිල ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නොමැත

ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුව නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා. ඉරානය විසින් ඊශ්‍රායලයට ඊයේ දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහෙත් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කළේ, ආත්මාරක්ෂාවට සදහා බව ඉරාන විදේශ...

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් අනිද්දා දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් දෙදින නිල සංචාරයක් සඳහා අනිද්දා දිවයිනට පැමිණීමට නියමිත බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කළා. ඔහු මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ද්විපාර්ශවීය සංවර්ධනය වෙනුවෙන් විදේශ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා සිදු කරනු ඇති බවයි එම මාධ්‍ය...

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ නැගෙනහිර, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති...

පාස්පෝට් මිලදී ගැනීමට එරෙහි අතුරු තහනම ඉවතට

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 750,000ක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට අධිකරණය අද (01) නියෝග කළේය. කෙසේ වෙතත් ඊ - විදේශ ගමන බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාලමින් දැනට පනවා තිබෙන අතුරු තහනම් නියෝගය...

නීතිවිරෝධීව රැදී සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

නීතිවිරෝධීව රැදී සිටින විදේශිකයින්ට යළි සිය රට වෙත යාම සඳහා එක්සත් අරාබි එමිර් රාජ්‍ය ප්‍රකාශයට පත්කර ඇති පොදු සමා කාලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්නා ලෙස ඩුබායි හි ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් කාර්යාලය ඉල්ලීමක් කරනවා. පසුගිය සැප්තැම්බර් 01 වනදා හදුන්වා දුන්...

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව පහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4.24%කින් අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ අනුව, අවම ගාස්තුව රුපියල් 27ක් දක්වා අඩුවන බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ. ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව මෙසේ බස් ගාස්තු...
statistics