
ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් දෙදින නිල සංචාරයක් සඳහා අනිද්දා දිවයිනට පැමිණීමට නියමිත බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කළා.
ඔහු මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ද්විපාර්ශවීය සංවර්ධනය වෙනුවෙන් විදේශ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා සිදු කරනු ඇති බවයි එම මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව අභිනව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන පළමු රාජ්‍යත්‍රාන්ත්‍රිකයා මොහු වනවා.

අසල්වැසියා පළමුව යන රාජ්‍ය ප්‍රතිප්තිය යටතේ ඉන්දීය රජය ශ්‍රී ලංකාව සමග මිත්‍රශීලිව කටයුතු කිරීමට යොමුවනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ජනාධිපතිවරයා චීනය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති හා ශ්‍රී ලංකාව අදානි සමාගම සමග සිදුකරන සුළං බලවිදුලි ව්‍යාපෘති පිළිබඳ දරන ස්ථාවරය ඉන්දීය මෙහිදී සාකච්ඡාවට භාජනය වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
source :- https://tinyurl.com/5ct3xjnv







