මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සළිදු මල්ෂික නොහොත් ”කුඩු සළිදු” නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැඳින්වෙන හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික නොහොත් “පියුමා” ඔක්තෝබර් 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (02) නියෝග කළාය.

ඒ සැකකාර පියුම් හස්තික බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හපුආරච්චිගේ දොන් සියුම් හස්තික නොහොත් පියුමා නැමැති සැකකරුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබූ රතු නිවේදනය ප්‍රකාරව සැකකරු පසුගිය පෙබරවාරි 15 වැනිදා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගෙන ඒමට දැනුම් දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඔහු මෙරටට ගෙන ඒමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

තම සේවා දායකයාට කිසිදු ත්‍රස්තවාදීමය කටයුතු සඳහා චෝදනා යොමු වී නැති බවත්, සැකකරුට එරෙහිව ඇත්තේ මිනිමැරුම් චෝදනා වැනි චෝදනා බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙසත්, සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නිතිඥ තිළිණ වීරසිංහ දන්වා තිබෙනවා.

එහිදී කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, සැකකරුට එරෙහිව සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධ චෝදනා ඇති බවයි.

source :- https://tinyurl.com/5rubyfys

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here