Saturday, April 18, 2026

දේශපාලන පුවත්

දේශපාලඥයෙකු පරිහරණය කළ ව්‍යාජ ජීප් රථයක් අත්අඩංගුවට

රත්නපුර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයෙකු විසින් පරිහරණය කළ බවට සැක කරන මෑත කාලය තුළ පුද්ගයන් කිහිපදෙනෙකු යොදා ගනිමින් සඟවා තැබු රුපියල් කෝටි තුනක පමණ වටිනාකමකින් යුතු සුඛෝපභෝගි ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන...

හර්ෂ ඉලුක්පිටියගේ ඇප ඉල්ලීම කල් යයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින ආගමන හා විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටියට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති අයදුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. source :- https://tinyurl.com/5n7ypjd7

ඉල්ලා අස්වූ ලංගම සභාපති

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවත්, එය එම අමාත්‍යංශයට ලැබී ඇති බවයි වාර්තා වන්නේ. ජාතික ජන බලවේග රජය බලයට පත් වීමෙන් පසුව...

අලුතෙන් එන මහ බැංකු පොලී අනුපාත

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ රැස්වීමෙන් අනතුරව මෙම තීරණය ගෙන ඇත්තේ, ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8 මට්ටමේම පවත්වාගෙන යාමටයි. එමෙන්ම ආර්ථික වර්ධනයට...

උපයෝගිතා කොමිසම විදුලි ගාස්තු ගැන විමසිල්ලෙන්

අඩු කළ විදුලි ගාස්තුවේ සහනය ඒ ඒ ව්‍යාපාරික සහ වෙනත් ආයතනවලින් ජනතාවට නිසිලෙස ලැබෙන්නේ ද යන්න පිළිබඳ සොයා බලන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එහි සන්නිවේදන අධක්ෂ ජයනාත් හේරත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අනිද්දා පැවැත්වෙන බවයි. එම සාකච්ඡාව සඳහා...

අඩුවට විදුලිය ගන්න අදානි සම්බන්ද වෙයි

අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය යටතේ විදුලිය මිල දී ගැනීමේ මිල ඩොලර් සත 6කට වඩා පහළට ගැනීම සඳහා සාකච්ඡා සිදුකරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අද (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව...

“සරුසාර” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය

"සරුසාර" නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය 2025 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව වුවා. කෙටිකාලීන භෝග සහ ගෙවතු වගාවල යෙදෙන සුළු සහ කුඩා පරිමාණ ගොවීන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම පිණිස ''සරුසාර'' නව සපිරි ග්‍රාමීය ණය...

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර අවබෝධතා ගිවිසුමක්

දේශපාලන, ආර්ථික, වාණිජ, විද්‍යාත්මක, තාක්ෂණික සහ සංස්කෘතික අංශ ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම, ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට යෝජනා වී තිබුණා. ඒ...

විනිසුරු රණරාජා කරන්නාගොඩගේ නඩුවෙන් ඉවත් වෙයි

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තමන්ව විත්තිකරුවකු වශයෙන් නම් කර නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා...

ලුණු ගෙන්වන හේතුව

පසුගිය කාලයේ ලුණු නිෂ්පාදිත ප්‍රදේශවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය මත ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදාහකට පමණ සීමා වී ඇති බවත් මෙට්‍රික් ට්‍රොන් 60000ක පමණ ලුණු හිඟයක් පවතින බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අමාත්‍යවරයා මේ පිළිබඳව...
statistics