දේශපාලන, ආර්ථික, වාණිජ, විද්‍යාත්මක, තාක්ෂණික සහ සංස්කෘතික අංශ ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම, ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට යෝජනා වී තිබුණා.

ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන්නේ.

source :- https://tinyurl.com/hff2bx89

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here