
චීන රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ වෛද්‍ය උපකරණ සහ අනෙකුත් උපකරණ සපයමින් තෝරාගත් රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ යටතේ රෝහල් 13ක විවිධ විශේෂිත ඒකකයන්ගෙන් සමන්විත රෝහල් ගොඩනැගිලි සංකීර්ණ ඉදිකිරීමටත්, ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අනෙකුත් උපකරණ සැපයීමටත් මේ වනවිට කටයුතු කරයි.
මෙම ව්‍යාපෘතිය යටතේ රෝහල් 08ක ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති අතර, එක් රෝහලක හැර අනෙකුත් රෝහල් 04හි ප්‍රගතිය 90%ක් පමණ ඉක්මවා තිබීම සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් නිම කිරීමට හැකි වන පරිදි ව්‍යාපෘති කාලසීමාව 2025-12-31 දින දක්වා දීර්ඝ කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

source :- https://tinyurl.com/ycxh2ewf







